ප්‍රමුඛ පුවත 1

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

(UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇති විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා ‍කෙරේ.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 40 දක්වා වු තරමක තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතින බව ද කාලගුණ දෙපාර්තමේනතුව නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටාර් රියාල් භාර නොගන්නා ලෙස වන ප්‍රචාර අසත්‍යයි- මහ බැංකුව

Mohamed Dilsad

සයින්දමරුදු වැසියන් නිවාස වලින් ඉවත් කෙරේ

Mohamed Dilsad

මරණ දණ්ඩනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දහයක්.

Mohamed Dilsad

Leave a Comment