ප්‍රමුඛ පුවත 1

කටාර් රියාල් භාර නොගන්නා ලෙස වන ප්‍රචාර අසත්‍යයි- මහ බැංකුව

(උදයම්,කොළඹ)  – කටාර් රියාල් භාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටියේ කටාර් රියාල් භාර නොගන්නා ලෙස මහබැංකුව අනෙකුත් බැංකු වෙත දැනුම් දී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවය.

මේ අතර කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි බැංකු කිහිපයක් විසින් කටාර් රියාල් මාරු කිරීම නැවත ආරම්භ කර ඇති බව වාර්තාවේ.

අද උදෑසන සිට කටුනායක ගුවන්තොටුපොළේ බැංකු විසින් කටාර් රියාල් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

නමුත් මේ වනවිට සීමිත මුදල් ප්‍රමාණයක් මෙලෙස හුවමාරු කරගැනීමට හැකි බව වාර්තා වේ.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ උපරිම මුදල රියාල් 1000ක් දක්වා මෙලෙස හුවමාරු කළ හැකි බවය.

.

Related posts

විභාග සමත්වීම සේම ජීවිතය සමත්වීම පිළිබඳ දැනුම විෂය මාලාවට ඇතුළත්විය යුතුයි – ජනපති

Mohamed Dilsad

වැඩබලන පොලිස්පතිට නීතිපතිවරයාගෙන් උපදෙස් මාලාවක් සහිත ලිපියක්

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන් රෝවෙන්ගේ මෝටර් රථයක් පොලීසිය භාරයට

Mohamed Dilsad

Leave a Comment