ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වැන් රෝවෙන්ගේ මෝටර් රථයක් පොලීසිය භාරයට

(UTV| කොළඹ) – මකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝවෙන්ගේ  විත කළ මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ, වැලිගම පොලීසිය අද පෙරවරුවේ මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ හෝටලයක කළ වැටලීමකදී ය.

මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂයින් සුද්දා නමැත්තාට අයත් අදාළ හෝටලයේ තිබී එම මෝටර් රථය සොයා ගෙන තිබේ.

වෙනත් පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති මෙම මෝටර් රථය රයන් රෝවෙන් මහතා භාවිත කර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ප්‍රදේශයේදී අද පෙරවරුවේ පොලිස් භාරයට ගැනිණි.

පොලීසිය පැවසුවේ, පාදුක්ක පෝරේගෙදර අරලිය මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබියදී එම මෝටර් රථය සොයා ගත් බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හා 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දශකයක් සපිරෙන රණවිරු විජයග්‍රහණය අදයි.

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

Mohamed Dilsad

2019 මාධ්‍ය අරුණ විශේෂ ණය යෝජනා ක්‍රමයට අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment