ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ පෙත්සම් විභාගයේ අවසන් දිනය අදයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 විභාග කිරීම අවසන් දිනය ලෙසට අද (06) දිනයේත් සිදු කිරීමට නියමිතව ඇත.

දේශපාලන පක්ෂ කීපයක් ඇතුළුව විවිධ පාර්ශව කීපයක් විසින් මෙම පෙත්සම් ගොනුකරනු ලැබීය.

ඊයේ (05) දිනයේදී නීතිපතිවරයා අධිකරණය හමුවේ අදාල පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් සදහන්කර සිටියේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.

මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම්කරුවන් විසින් කරුණු දැක්වීම ද ඊයේ සිදුකළහ.

ඒ අනුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අදට කල්තැබුණු ලැබීය.

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 260ක් – සැකකරුවන් 61ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment