ප්‍රමුඛ පුවත 1

වැසි තත්වය යළිත් වැඩි වන ලකුණු

(UTV| කොළඹ) – දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැගෙනහිර,උතුරු මැද, මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

මේ අතර, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හා ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 45 ත් 50 ත් දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී පට කිහිපයක් සොයාගැනේ.

Mohamed Dilsad

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

මහනුවරට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment