ප්‍රමුඛ පුවත 1

අද තීරණාත්මක විසඳුමක් ගන්නා බව මන්ත්‍රී රිෂාඩ් කියයි

(UTV| කොළඹ) – අද දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ සාමාජික, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුර්දීන් සඳහන් කළා.

නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත් කරන්නේ නම් ඊට සුදුස්සා රනිල් වික‍්‍රමසිංහ මහතා බව මෙහිදී  පැවසීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර හමුවක්ද අද(03) පැවැත්වීමට නියමිතය.

මෙහිදී දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇත.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (02) රාති‍්‍රයේ ජනාධිපති නිල නිවසේදී සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට සුසිල් පේ‍්‍රමජයන්ත් සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ද , පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ද එක්ව සිටි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කම්කරු දිනය අදයි

Mohamed Dilsad

ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ජනප්‍රිය කාන්තා පාසලක සිදුවූ අක්‍රමිකතාවයක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment