ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකා සංඥා බළකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

“සයිබර් අවකාශය තුළ සදාතන යුධ පෙරමුණ” තේමාව යටතේ මෙම ජාත්‍යන්තර සමුළුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප‍්‍රදර්ශනයක් සමගින් නොවැම්බර් 28 සහ 29 දෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත්ව පැවැත් වේ.

ශ‍්‍රී ලංකා යුද හමුදාව සතු පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන සංඥා බළකාය මේ වන විට සංඥා බළකාය, සංයුක්ත සංඥා රෙජිමේන්තු හතක්, IT රෙජිමේන්තු දෙකක්, එක් අලුත්වැඩියා හා නඩත්තු රෙජිමේන්තුවක්, සයිබර් ආරක්ෂක රෙජිමේන්තුවක්, එක් ඉලෙක්ට්‍රෝනික යුධෝපකරණ බලඝණයක් සහ සංඥා පුහුණු පාසලක් සමගින් ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස කි‍්‍රයාත්මක වේ.

එහි 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය සහ ප‍්‍රදර්ශනය සඳහා එංගලන්තය, රුසියාව, චීනය, ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය යන රටවල් නියෝජනය කරමින් හමුදා සහ හමුදා නොවන අන්තර්ජාතික තොරතුරු තාක්ෂණවේදින් විශාල පිරිසක් එක්ව සිටි.

තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පවත්වනවාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

Mohamed Dilsad

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන්ගෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment