ප්‍රමුඛ පුවත 1

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

(UTV| කොළඹ) – ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ඡන්ම දිනය අද සමරනු ලබයි.

මෙය මිලාද් උන් නබි උත්සවය ලෙසද හඳුන්වනු ලබයි.

මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබි තුමා, සුරා කෑමට එරෙහි වූ බවයි.

නබි තුමන් සුරැකි ගුණාංග හා මිනිසත්බව වෙනුවෙන් කළ කැප කිරීම්, එකිනෙකා අතර භේදය හා වෛරය පැතිරුණු මෙකල අප සියල්ලන් විසින් පරමාදර්ශයට ගත යුතු බවයි ජනාධිපතිවරයා පවසයි.

මේ අතර, ශුද්ධ වූ මොහොමඩ් නබි තුමාගේ ඡුන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ලොව ඉස්ලාමීය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට සැමදා කොන්දේසි විරහිත සහය ලබාදී ඇති බවයි.

එලෙස ලබාදුන් අන්තර් ජාතික සහයෝගයට කෘත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද නබි තුමාගේ ඡුන්ම දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් සමාජයට නබි තුමාගේ ජීවිතයෙන් උගත හැකි පාඩම් රැසක් පවතින බවයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

සජිත් සහ TNA අතර හමුවක්

Mohamed Dilsad

මහනුවර දේපළ හානි පිළිබඳ ව නොපමාව පැමිණිලි කරන්න – පොලිසිය

Mohamed Dilsad

Leave a Comment