ප්‍රමුඛ පුවත 1

නාමයෝජනා භාර ගැනීම නොවැම්බර් 19 – 26

(UTV| කොළඹ) – 2019 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නාමයෝජනා පත්‍ර බාරගැනීමේ කාලය වර්ෂ 2018ක් වූ නොවැම්බර් මස 19 වන දින සිට නොවැම්බර් මස 26 වන දින දහවල් 12 දක්වා නියම කර තිබේ.

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(09) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිකුත් කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (5) වන අනු ව්‍යවස්ථාව යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

එම ව්‍යවස්ථානුකූල වගන්ති වලට යටත්ව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දස වන වගන්තියේ විදිවිධාන අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන තමා හට පැවරී ඇති බතතල අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එම ගැසට් නිවේදනයට අනුව ඊයේ(09) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

අදාළ ගැසට් නිවේදනයට අනුව අභිනව පාර්ලිමේන්තුව වර්ෂ 2019ක් වූ ජනවාරි මස 17 වෙනි දින කැඳවීමට මෙම ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබේ.

එමෙන්ම අදාළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරා පත් කරගැනීම වර්ෂ 2019ක් වූ ජනවාරි මස පස්වනදා පැවැත්වෙන ඡන්ද  විමසීමකදී සිදුකරගත යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හක්ක පටස් බෝම්බයකට වව්නියාවේ වල් අලියෙකු බිලි වෙයි

Mohamed Dilsad

පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment