ප්‍රමුඛ පුවත 1

මිලියන 20ක හෙරොයින් අල්ලයි

(UTV| කොළඹ) – හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ(06) පස්වරුවේ  කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියා පාර, ජය මාවතට හැරෙන මංසන්ධියේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ තිබී මෙම හෙරොයින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 51 ක් වු කඩොල්කැලේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අද(07) දිනයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙකෝටියකට වඩා වටිනා හෙරොයින් සමඟ ඉන්දීය යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

සහරාන් හෂීම්ගේ දියණියව ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් භාරයට පත් කිරීමට නියෝග

Mohamed Dilsad

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පක්ෂ නායක තීරණය අද.

Mohamed Dilsad

Leave a Comment