ප්‍රමුඛ පුවත 1

රනිල්ට සිවිල් සංවිධාන නියෝජිතයින් පැසුසුම්

(UTV| කොළඹ) – අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා සංවරව, විනයගරුකව හා ප්‍රජාතන්ත්‍රවාදීව රනිල් වික්‍රමසිංහ මහතා හැසිරුණු ආකාරය ප්‍රශංසනීය බව සිවිල් සංවිධාන නියෝජිතයෝ අගමැති හමුවේ පවසයි.

ජනවාරි 08 වන දා මෙරට වෙනසක් කිරීමට තමන් සියල්ල උපරිම කැපවීමෙන් ක්රි්යා කළා සේම, වර්තමානයේ සිදු වෙමින් යන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ව්යාවස්ථා විරෝධී ක්‍රියා පිළිවෙතින් රට බේරා ගැනීම සඳහා ද උපරිමයෙන් කැප වන බව අද (02) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සිවිල් සංවිධාන නියෝජිතයෝ පැවසූහ.

ෙහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිත පිරිස ඉදිරියේ කරුණු පැහැදිලි කළේය.
අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා සංවරව, විනයගරුකව හා ප්‍රජාතන්ත්‍රවාදීව වික්‍රමසිංහ මහතා හැසිරුණු ආකාරය ප්‍රශංසනීය බව සිවිල් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කළහ.

තමන් තව දුරටත්, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා ශීලාචාරත්වය වෙනුවෙන් පෙනී සිටින බවද, වික්‍රමසිංහ මහතාට පූර්ණ සහයෝගය පළ කරන බවද ඔවුහු පෙන්වා දුන්හ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන අවස්ථා සොයන බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට සූදානම් – අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන් හමුදාව සමඟ ගිවිසුම් ගත වෙයි

Mohamed Dilsad

පොලිස්පතිගෙන් ජනතාවට විශේෂ උපදෙසක්

Mohamed Dilsad

Leave a Comment