ප්‍රමුඛ පුවත 1

මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද(29) නියම කරයි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණත් ඒ මහතා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය නොවැම්බර් මස 7 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියම කළේය.

පසුගිය සන්ධාන රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ පිහිටි නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් නැවතත් රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

මාඳුරුඔයට මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය…

Mohamed Dilsad

නිදහස් පක්ෂය ජනපති සමඟ ඇති කරගත් ගිවිසුම [AGREEMENT]

Mohamed Dilsad

Leave a Comment