ක්‍රීඩා

ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට සුදානම්

(UTV| කොළඹ) –  හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඩේව්න් බ්‍රාවෝ (35) අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට සුදානම් වෙයි.

ඒ බව ඔහු විසින් නිවේදනය කර තිබේ.

2004 වසරේදි එංගලන්තයට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු වසර 14 ක කාලයක් එහි රැදි සිටියේය.

ඉදිරි පරපුරේ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දිමේ අරමුණෙන් තමා ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බවද හෙතෙම සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 2200 ක් රැස් කිරිමට හා කඩුළු 86 ක් දවාගෙන තිබේ.

එක්දින තරගවලදි ලකුණූ 2968 ක් හා කඩුළු 199 ක් දවා ගැනිමට ඔහු සමත්ව ඇත.

එසේම ඔහු අන්තර්ජාතික විස්සයි – 20 තරග වලදි ලකුණූ1142 ක් රැස් කරමින් කඩුළු 52 ක් දවා ගැනිමට සමත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IPL ඊයේ ජය පන්ජාබ් කින්ග්ස් පිළට

Mohamed Dilsad

ඉන්දියාවේ ආරක්ෂිත ප්‍රදේශයක ක්‍රිකට් පුහුණුවීම් ඇරඹීමට යයි

Mohamed Dilsad

සීක්කුගේට සහ අසේල ගුණරත්නට හමුදා උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment