ප්‍රමුඛ පුවත 1

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද ව්‍යවස්ථාදායක සභාවට

(UTV| කොළඹ) – යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) රැස්වන ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරිමට නියමිතය.

විශේෂඥයන් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දළ කෙටුම්පත සකස් කර තිබේ.

අදාල කෙටුම්පත පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබු අතර එය අවස්ථා කිහිපයදී මෙහෙයුම් කමිටුව තුළ සාකච්ඡාවට ලක් කිරිමෙන් පසුව අද මෙසේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිමට අදාලව මෙහෙයුම් කමිටුව විසින් පත්කර තිබු අනු කමිටු 06 වාර්තා ද සැලකිල්ලට ගෙනයි විශේෂඥ කමිටුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත සකස් කර තිබේ.

එසේම මේ වන විට නිල කාලය අවසන්ව ඇති ජාතික පොලිස් කොමිසම සම්බන්ධයෙන්ද අද රැස්වන ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමු වන බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

සුනාමි සහන මණ්ඩල කාලයේ නිහඬව සිටි පුද්ගලයන් අද රට හදන්න යනවා [VIDEO]

Mohamed Dilsad

පසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්

Mohamed Dilsad

Leave a Comment