ප්‍රමුඛ පුවත 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීමට යෝජනාවක්

(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශ‍්‍රාම වැටුප වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්තී‍්‍රවරයෙකු වන පේ‍්‍රමසිරි මානගේ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

වසර 5 ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටි අයෙකුට දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලබන මූලික වැටුපෙන් තුනෙන් එකක් විශ‍්‍රාම වැටුප ලෙස හිමි වේ.

දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285 කි.

මූලික වැටුපට අමතරව රුපියල් ලක්‍ෂයක කාර්යාල දීමනාවක්,  ඉන්ධන සහ දුරකතන දීමනාද දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට හිමි වෙයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශ‍්‍රාම වැටුප ගණනය කිරීමේදී එම දීමනාද සැලකිල්ලට ගතයුතු බව පේ‍්‍රමසිරි මානගේ යෝජනා කර ඇත.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදීද සාකච්ඡාවට ගෙන ඇති අතර ඊට ජනතා විමුක්ති පෙරමුණේම නිහාල් ගලප්පත්ති මන්තී‍්‍රවරයා ඊට විරුද්ධ වී ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

Mohamed Dilsad

“ජලනිම්න – හරිත අරණ” රැක් රෝපණ වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවති පුදබිම අභියස දී ආරම්භ කෙරේ

Mohamed Dilsad

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment