ප්‍රමුඛ පුවත 1

නාලක සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (22) තෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

පසුගිය සිකුරාදා ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එහිදී පැය 9කට වැඩි කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කර ගැනුණි.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේද ඔහුගෙන් පැය 9කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව මෙලෙස ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිස්සගේ නඩුව කෙටි ක්‍රමයකින් අවසන් වන ලකුණු

Mohamed Dilsad

ජනතා මතයෙන් අගමැතිවරයාව තෝරාගන්නවා [VIDEO]

Mohamed Dilsad

සරසවි උපාධිධාරින් 16,800 කට රජයේ පත්වීම්

Mohamed Dilsad

Leave a Comment