ප්‍රමුඛ පුවත 1

හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට දින නියම කෙරේ

(UTV| කොළඹ) –  හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 22 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා සම්බන්ධයෙනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබු අතර අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කිරීම සඳහා එහි කොමසාරිස්වරුන්ගේ  ලිඛිත අනුමැතියක් ඉදිරිපත් කර නොමැති බවට විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර සිටියේය.

ඒ අනුව නඩුව ජනවාරි මස 22 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳව සලකා බලන බව සඳහන් කළේය.

පසුගිය රජය සමයේ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් එම සමාගමට ආම්පන්න මිලදී ගැනීමේදී රුපියල් මිලියන 883 පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් වව්නියාව සතොස ශාකාව හදිසියේ නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක හෙද වැඩ වර්ජනයක්

Mohamed Dilsad

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පක්ෂ නායක තීරණය අද.

Mohamed Dilsad

Leave a Comment