ප්‍රමුඛ පුවත 1

ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවක

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවේ රෝ ආයතනය තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළැයි පැවසෙන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට බදුන්ව ඇති බවද පැවසේ.

මේ අතර ඊයේ (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ජනපති මෝදිගේ ඇරයුම පිළි ගනී

Mohamed Dilsad

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට

Mohamed Dilsad

Leave a Comment