ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනපති බලතල වලට අනුකුලයි – නීතිපතිවරයා කියයි

(UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපතිවරයා පවසයි.

නීතිපති  ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයට එක්වෙමින්  නීතිපතිවරයා කියා සිටියේ ව්‍යවස්ථාවේ 33/2 වගන්තිය යටතේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බවයි.

එමෙන්ම එම බලතලයට ව්‍යවස්ථාවේ වෙනත් කිසිදු වගන්තියකින් සීමා පනවා නොමැති බවද නීතිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි ඔහු තවදුරත් පෙන්වා දුන්නේ.

ව්‍යවස්ථානුකූලව එය සිදුකර ඇති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සියල්ල නිශ්ප්‍රභා කරන ලෙසද නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම් විභාගය අද (13) දෙවන දිනටත් සිදු කෙරෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හක්මන මාර්ග කීපයකට පස්කඳු කඩා වැටෙයි

Mohamed Dilsad

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ වාර්තාවේ අඩංගු කරුණු ජනපති, නීතිපතිවරයා සමග සාකච්ඡාවට සුදානම්

Mohamed Dilsad

Leave a Comment