ප්‍රමුඛ පුවත 1

රිකිල්ලගස්කඩ රෝහලේ අර්බුධයක්

(UTV|නුවරඑළිය) –  නුවරඑළිය රිකිල්ලගස්කඩ දිස්ත‍්‍රික් මූලික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන  ළමා රෝගීන් දුෂ්කරතාවකට පත් වෙති.

ඒ වෛද්‍යවරුන් අතර මතු වී තිබෙන අර්බුදයක් හේතුවෙනි.

මෙම ආරවුල හටගෙන ඇත්තේ එම රෝහලේ ළමා රෝගී අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් සහ එම ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව් දෙනෙකු අතරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ළමා රෝග ඒකකයේ කටයුතු මේ වනවිට අඩාළ වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

රෝහලේ මතුව ඇති මෙම තත්වය පිළිබඳ  අප කල විමසීමකදී රිකිල්ලගස්කඩ රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී සේනක නවන්එළිය මහතා පැවසුවේ දින කිහිපයක් තිස්සේ මෙම ගැටුම පවතින බවයි.

මේ නිසා රෝගීන් ඇතුළත් කිරීම සිදු නොකෙරෙන අතර  හදිසි ප්‍රතිකාර පමණක් සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට

Mohamed Dilsad

කිරිපිටි සහ ගෑස් මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment