ප්‍රමුඛ පුවත 1

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට

(UTV| කොළඹ) – අද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපතිවරයා මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත්  විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලු නිලධාරින්ට ප‍්‍රශංසාව පළ කළේය.

එමෙන්ම ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන යන මෙම උදාර මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය සෑම අවස්ථාවකම හිමිවන බවයි.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය ද මෙහි දී ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ඒ.සී ධනපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පසුගිය වැටලීම්වලට අදාළ තොරතුරු ද නිරික්ෂණය කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [ UPDATE]

Mohamed Dilsad

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

ලෝක සමාජ වැඩ දිනයට සමගාමිව පා ගමනක්…

Mohamed Dilsad

Leave a Comment