ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය හෙට

(UTV| කොළඹ) – රජයේ රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයට සමගාමීව හෙට (22) දිනයේ පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටියි.

සෞඛ්‍ය සේවාවේ හා වෛද්‍ය සේවාවේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී තිබෙන බවත්, මේ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට (22) පෙරවරු 8.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත අතර, මේ නිසා මෙම කාලය තුළදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බව ඒ මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

සබරගමු සරසවි සිසුන් 54 කට පන්ති තහනමක්..

Mohamed Dilsad

22 වන කොරෝනා රෝගියා හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment