ප්‍රමුඛ පුවත 1

කිරිපිටි සහ ගෑස් මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

(UTV| කොළඹ) සිංහල – හින්දු අලූත් අවුරුද්දට පෙර කිරිපිටි සහ ගෑස් මිලෙහි වැඩිවීමක් සිදු නොවන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අද (29) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග මහත්මිය කියා සිටියේ ලෝක වෙළඳපොලේ කිරිපිටි සහ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අදාළ සමාගම් මගින් මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා කියා සිටියේ එළඹෙන උත්සව සමයට සමගාමීව ලබන මස මුල් සති දෙක ඇතුළත පළතුරු සහ එළවළු මිල ගණන්වල සුළු වෙනසක් ඇතිවුවත් අනෙකුත් කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක වෙනසක් සිදු නොවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ලංකාවට පැමිණෙන රටවල් 10 ක සංචාරකයින්ට නිදහස් වීසා…

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment