ප්‍රමුඛ පුවත 1

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹේ

(UTV| කොළඹ) – ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී ආරම්භ විය.එහි අංකය 1926 වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග ඒකාබද්ධව මෙම උපකාරක සේවාව නොමිලේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පැවැති උත්සවයක දී උපකාරක සේවාව ආරම්භ විය. මෙම රෝහල ඉදිකර ඇත්තේ 1926 වසරේදීය.

එම වර්ෂයම උපකාරක සේවාවේ දුරකථන අංකය ලෙස යොදාගෙන ඇත. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ වෙමින් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබද වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකිය. ඉන්පසු ප්‍රතිකාර සේවාව සදහා යෙදවීමට පියවර ගනු ලැබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතා, ජාතික මානසික සෞඛ්‍ය  විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපදා වලින් උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යා18500 ඉක්මවයි

Mohamed Dilsad

ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීමේ හැකියාව ඇත්තේ සජිත්ටයි [VIDEO]

Mohamed Dilsad

විරෝධයට එක්වූ සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක්

Mohamed Dilsad

Leave a Comment