Trending News

මහා ශිව රාත්‍රී දිනය අදයි

(උදයම්,කොළඹ)  –  ලොව පුරා හින්දු බැතිමතුන් උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන් සැමරීමේ මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

තම පූජනීය ස්ථානයන් හි උපවාසය කිරිම, රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටිම, පහන් දැල්වීම, ශිව දෙවියන්ට විශේෂ පුජා පැවැත්වීම හින්දු බැතිමතුන් විසින් සිදුකරයි.

මහා ශිව රාත්‍රිය උත්සවශ්‍රීයෙන් සමරන අතර එයට සහභාගී වීමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ඉගෙනීම් කටයුතු කරන්නන් හට මහත් ආශිර්වාදයක් හිමිවන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ සියලූම ආගම්වල ප‍්‍රමුඛතම අපේක්ෂාව සහ අරමුණ වන්නේ සභ්‍යත්වයක් සහිත මිනිසුන් වශයෙන් සියල්ලන් ජීවත් විය යුතුය යන්නයි.

සියලු ආගමික වතාවත් හා සැමරුම් පවත්වන්නේ එකී ආගමික හරයන් පිළිබඳ ඉගැන්වීම් සිහිකැඳවනු පිණිස බවද එම නිවේදනයේ සඳහන්.

මිනිසා තුළ ඇති අවිද්‍යාව නම් අඳුරත් අහංකාරයත් දුරලා සාමය සහ ආදරය ඔවුන් වෙත ළඟාකර දීමේ අරමුණින් කලානූරූපව විවිධ ආගමික උත්සව පැවැත්වීම වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නවීන තාක්ෂණික ලෝකය තුළ පවා මිනිසාට මිනිසත් බවේ අභිමානය රැක ගනිමින් ජීවත් වීමට එවැනි ආගමික උත්සව වෙසෙසින්ම ඉවහල් වී ඇති බව ද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 

Related posts

CID commence analysing telephone conversations on crimes linked to ‘Makandure Madush’

Mohamed Dilsad

வடமேல் மாகாணத்தில் மறுஅறிவித்தல் வரை ஊரடங்கு உத்தரவு

Mohamed Dilsad

கரையோர புகையிரத சேவையில் தாமதம்…

Mohamed Dilsad

Leave a Comment