ප්‍රමුඛ පුවත 1

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

(UTV| කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දකුණ, ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ වර්ෂාධික අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 60,000 කට ආසන්න බවයි.

‘ටිට්ලි’ සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්න ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර ඉතා තද සුළං පැවතිය හැකි බවයි.

‘ටිට්ලි’ සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 1100 ක් පමණ දුරින් ස්ථානගත වනු ඇති අතර ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් වර්ධනය වෙමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර එය දිවයිනෙන් ඉවතට වයඹ දෙසට ගමන් කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක් – ජනපති ගෝඨාභය

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා දිවියට සමුදෙයි

Mohamed Dilsad

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment