ප්‍රමුඛ පුවත 1

5 ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම ගැන තීරණය කැබිනට්ටුවට

(UTV| කොළඹ) – පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන එනු ලබන යෝජනා පත්‍රිකාව සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතය.

ඒ අද (02) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී බව වාර්තාවේ.

එසේම එම තීරණය අද (02) දිනයේදී ගැනීමට නොහැකි වුවහොත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සතියකින් පමණ ප්‍රමාද විය හැකි බව කැබිනට් ආරංචි මාර්ග පවසයි.

2018 පහවසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 05 වැනිදා පැවැත්වූ අතර, ඒ සඳහා සිංහල හා දෙමළ මාධ්‍යවලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන්ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසිහයක් පෙනී සිටියේය.

එම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට ඕනෑම අවස්ථාවකදී නිකුත් කිරීමට හැකි ලෙස සකස්කර ඇතිබවද විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

Mohamed Dilsad

සජින් ද වාස්ට ඇප [video]

Mohamed Dilsad

Leave a Comment