ප්‍රමුඛ පුවත 1

යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්

UTV | COLOMBO – මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඬේසි ෆොරෙස්ට්ට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 ක් පමණ වටිනා ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.

අයථා මාර්ගයෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපල මිලදී ගැනීමට යොදවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ.

Related posts

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල විවෘත කෙරේ

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

Mohamed Dilsad

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 75 ක්

Mohamed Dilsad

Leave a Comment