Trending News

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සී.අයි.ඩී.යට

UTV | COLOMBO – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යළි පැමිණියා.

ඒ ඔහු සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදය සම්බන්ධයෙන් කටහඩ සාම්පල හදුනා ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටයි.

නාමල් කුමාර, රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර, කට හඬ සාම්පල ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා.

අදාළ දුරකථන සංවාදවල කට හඬ නිශ්චිත කර ගැනීමට සාම්පල් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නේ.

Related posts

அமைச்சு பதவியில் இருந்து விலகியவருக்கு மீண்டும் அமைச்சு பதவி?

Mohamed Dilsad

පළාත් මැතිවරණය ගැන අගමැතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

பதுளை மாநகர சபை தேர்தல் முடிவுகள்

Mohamed Dilsad

Leave a Comment