ප්‍රමුඛ පුවත 1

පොතුවිල් රිය අනතුරකින් තිදෙනෙකු මරුට

(UTV|යාපනය) – පොතුවිල්හිදී  සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටි 12 හැවිරිදි දැරිය මියගොස් තිබේ.

එම අනතුරින් ඊයේ පස්වරුවේ(24) ඇගේ මව සහ සහෝදරිය ජීවිතක්ෂයට පත් වූහ.

පොතුවිල්, අක්කරපත්තු මාර්ගයේ කුඤ්ඤඕඩය පාලම අසලදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි එක ම පවුලේ මව, දියණියන් දෙදෙනෙකු හා පුත්‍රයෙකු මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදු විය.

අනතුරින් තුවාල ලැබූ මව, දියණියන් දෙදෙනා සහ පුතා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව සහ එක් දියණියක් ජීවිතකෟෂයට පත්වූහ.

තුවාල ලැබූ 11 හැවිරිදි පුතා අක්කරපත්තුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන  ඇති අතර පොතුවිල් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

Mohamed Dilsad

ට්‍රැමඩෝල් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද වැඩවර්ජනයක.

Mohamed Dilsad

Leave a Comment