ප්‍රමුඛ පුවත 1

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය ඇමතීමට සුදානම්

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා අද(25) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය ඊයේ(24) නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදී ආරම්භ කෙරිණ.

මෙවර එහි තේමාව වී ඇත්තේ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන්නයි.

ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 4 වැනි වරටය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින්  එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට එක්ව සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

Mohamed Dilsad

එජාපයේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment