ප්‍රමුඛ පුවත 1

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක් පත් කිරීමට සුදානම්

(UTV| කොළඹ) – පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහා නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නම් කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන්නැයි  පොලිස්පතිවරයාට දැනුම් දෙයි.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත එම පත් කිරීම සිදුකිරීමට නියමිත බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පැවසීය.

ජාතික පොලිස් කොමිසමේ දැනුම්දීම මත අදාළ නිර්දේශ කඩිනමින් යැවීමට පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට පසුගියදා පියවර ගත්තේ ය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කළ දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝවිලක වහලයක් හිස මතට කඩා වැටෙයි

Mohamed Dilsad

ලංකාව යළි දේශපාලනික වශයෙන් අරාජික කිරීමට උත්සාහයක් [VIDEO]

Mohamed Dilsad

දකුණේ පැතිය ගිය උණ පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment