ප්‍රමුඛ පුවත 1

ප්‍රසන්න රණවීරට සහ විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් වෙයි

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂයේ ගමපහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සහ විමල් වීරවංශ මහතාට පාර්ලිමේතුව තහනම් කර තිබේ.

විනය විරෝධී හැසිරීම නිසා පාර්ලිමේන්තු චර්යා ධර්ම සංග්‍රහය කඩ කිරිම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවෙන් සති 4ක කාලයකට නෙරපීමට පාර්ලිමේන්තුව වැඩි ඡන්දයෙන් අනුමැතිය ලබාදී තිබේ.

මේ සඳහා ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ඡන්ද 41ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 21ක් පමණි.

මේ අතර විමල් විරවංශ මහතාට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්ද 39 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ප්‍රකාශ වි ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව විමල් වීරවංශ මහතාට සති 02 ක කාලයක් මෙසේ පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය එයි

Mohamed Dilsad

ක්ෂේත්‍ර 14 ක් යටතේ ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment