ප්‍රමුඛ පුවත 1

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යතා තත්ත්වයට

(UTV| කොළඹ) –  මේ වන විට කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ඊයේ (18) උදෑසන සිට බාධා එල්ල විය.

ඒ අනුව කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය මහව දුම්රිය ස්ථානය දක්වාත් මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානය දක්වාත් සීමා කෙරුණි.

මේ නිසා ඊයේ රාත්‍රියේ සියලු දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය

හබරන සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී වන අලි තිදෙනෙකු ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් ඊයේ අළුයම මෙම අනතුර සිදුවිය.

එහිදි දුම්රිය මැදිරි දෙකක්  පීලිපැනීමට ලක්වූ අතර අද (19) උදෑසන වන විට මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පැවසීය.

Related posts

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සබැඳිව යුද්ධ හමුදා මතය ප්‍රකාශ කිරීම

Mohamed Dilsad

තැපැල් සේවකයන් විරෝධතාවය ජනාධිපති කාර්යාලය දෙසට

Mohamed Dilsad

විභාග ඇගයීම් නිසා දෙවන පාසැල් නිවාඩුව දීර්ඝ වන පාසැල්

Mohamed Dilsad

Leave a Comment