ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව කොළඹ දී

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව(EvalColombo2018) අද (17) කොළඹ දී ආරම්භ වෙයි.

ඇගැයීම සඳහා වූ ගෝලීය පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ඇගැයීම් සඳහා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමුළුව සංවිධානය කරයි.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමුළුව, කොළඹ, හිල්ටන් හෝටලයේ දී ආරම්භ වෙයි. මෙම සමුළුවේ දී ලොව පුරා 70කට අධික රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යහපාලනය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇගැයීම භාවිත කළ හැකි මාර්ග ගවේෂණය කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇගයීම් ප්‍රතිපත්තිය 2018 ජූනි මස 26 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ජාතික ඇගැයීම් ප්‍රතිපත්තියක් ඇති දකුණු ආසියාවේ පළමු රට බවට ඒ අනුව ශ්‍රී ලංකාව පත් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ, සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිස අගමැති හමුවෙයි

Mohamed Dilsad

අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවනන්න- රජය ඉල්ලයි

Mohamed Dilsad

මධ්‍යම පළතේ සේවය කළ ගුරු සහායකවරු 240කට පත්වීමේ ලිපි

Mohamed Dilsad

Leave a Comment