ප්‍රමුඛ පුවත 1

ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානම ගැන රජයෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඇතැම් පාර්ශව ගෙනයන ප‍්‍රචාර සාවද්‍ය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ආරක්‍ෂක අංශවලට හෝ එහි නිලයන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ චෝදනාවක් සිදුකර නොමැති බවයි.

එවැනි පසුබිමක රජයට එල්ල වන මෙම චෝදනාව සාවද්‍ය බවයි ඔහු පෙන්වා දෙයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඉකුත්දා වාර්තා පළ වුණි.

එවැනි කිසිදු සූදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බවයි රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ විමර්ශන ආරම්භ කර ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයේදීයි. එම පරීක්‍ෂණයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සදහා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී වයිස් අද්මිරාල් රවී විජේගුණරත්නගෙන් කරුණු විමසීමක් සිදුකළ බවයි රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/gov.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සරසවි රැසක අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

අධ්‍යාපනයට වෙන්කළ මුදල් කපා හරින්නැයි කල ඉල්ලීම් ජනපති හෙළි කරයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනාධිපතිට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment