ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනාධිපතිට භාරදෙයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා දින දිවයින තුළ සිදුවු පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව ඇත.

පසුගිය අප්‍රේල් 22 වනදා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කළ අතර අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරං ගෙන ආ නෝවේජියානු ජාතිකයන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ආදිවාසීන්ගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment