ප්‍රමුඛ පුවත 1

“ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නවා” සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

(UTV| කොළඹ) –  ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඒ උස්වැටකෙයියාව ඇතුලු වෙරළ තීරයට ඉන්ධන මුසුවීම සම්බන්ධයෙනි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, පරිසර හා ආර්ථිකයට සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා එලෙස නීතිමය පියවර ගන්නා බව යි.

මේ වන විට උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

මුහුදට මුසුවී ඇති තෙල් ඉවත් කරන තෙක් එම වෙරළ කලාපයට පැමිණීමෙන් ද වළකින ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාදෙණියට එරෙහි නඩුව නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

Leave a Comment