ප්‍රමුඛ පුවත 1

නව දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ගිවිසුමක්

(UTV| කොළඹ) – නව දුම්රිය මැදිරි 160 ක් මිලදී ගැනීම සඳහා වන ගිවිසුමක් සඳහා අත්සන් තැබේ.

ඊයේ(08) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී අත්සන් තබා ඇත.

ඉන්දියානු සහන ණය ව්‍යාපෘතියක් යටතේ දුම්රිය මැදිරි 160 ක් ලබා ගැනීමට නියමිතය.

මෙම මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් පී.එස් විතානගේ මහතා සහ අදාළ දුම්රිය මැදිරි ඉදිකිරීම් ආතනයේ අධ්‍යක්ෂකවයා අද මෙම ගිවිසුම සඳහා අත්සන් තබා තිබේ.

සමස්ත දුම්රිය මැදිරි 160 මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 82.6  ක් වැය වන අතර ඉන්දියානු සහන ණය ව්‍යාපෘතියක් යටතේ මේ සඳහා ප්‍රතිපාදන ලබාදීමට නියමිතය.

නව දුම්රිය මැදිරි 160 නවීන පහසුකම්වලින් සමන්විත වන අතර ඉදිරි වසර එකහමාරක කාලය තුළ මගී ප්‍රවාහනය සඳහා යොදා ගත හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පල කරයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය පිලිබඳ කලාපීය සමුළුවක්

Mohamed Dilsad

Leave a Comment