ප්‍රමුඛ පුවත 1විදෙස්

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

(UTV| කොළඹ) – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 07 දෙනාට සහනයක් ලබාදීම පිළිබඳ වගකීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (06) තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත පවරා ඇත.

ඒ එලෙස සිරදඬුවම් විඳින පෙරාරිවාලන් නමැත්තා විසින් 2015 වසරේ ගොනුකළ පෙත්සමක් පිලිබඳ තීන්දුව ලබාදෙමින්.

එහිදී ඔවුන් නිදහස් කිරීම හෝ වෙනත් සහනයක් ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පෙරාරිවාලන් 1990 වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ රජිව් ඝාතනය පිළිබඳ කුමන්ත්‍රණය කළ බව තහවුරු වී ඇති බවය ඉන්දීය ඔත්තු සේවා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත.

කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ රජිව් ඝාතකයන්ට කිසියම් සහනයක් ලබාදිය හැකිද යන්න තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට සලකා බැලිය හැකි බවයි.

Related posts

බ්‍රසීලයේ සිකා අවධානම ඉවතට

Mohamed Dilsad

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment