ප්‍රමුඛ පුවත 1

වල්ලපට්ටා තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – වල්ලපට්ටා කිලෝග්‍රෑම් 26ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට චෙන්නයි දක්වා රැගෙනයාමට තැත් කළ පුද්ගලයෙකු ගුවන් තොටුපලේ රේගුව අත්අඩංගුවට ගනී.
මෙම වල්ලාපට්ටා තොගය ගමන් බෑගයක අසුරා ආරක්ෂක යන්ත්‍රවලට හසු නොවන ආකාරයට අසුරා තිබු බව ගුවන්තොටුපල රේගුව පවසයි.

මෙම වල්ලපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වන බව සඳහන්ය.

ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37 ක් පමණ වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව තවදුරටත් රදවාගෙන විමර්ශන කටයුතු සිදුකරයි.

ගුවන් තොටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රත්රන් සමගපොට්ට නවුෆර්ගේ දෙවන බිරිද ඇතුළු තවත් 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු බෙදීමේ තීරණය සඳුදා

Mohamed Dilsad

Leave a Comment