ප්‍රමුඛ පුවත 1

මහරගම නගර සභාවේ සේවකයෝ රාජකාරි වලින් බැහැර වෙයි

(UTV| කොළඹ) – මහරගම නගර සභාවේ සේවයේ නියුතු සියලුම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී ඇත.

ඒ, එම නගර සභාවේ සභාපතිවරයා වන ටිරාජ් ලක්රුවන් විසින් නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට පහරදී ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ.

පහරකෑමට ලක්වූ සේවකයන් ඊයේ (06) රාත්‍රියේ සිය නිවෙස් බලා යමින් සිටියදී අවන්හලකට ගොස් මත්පැන් පානය කර ඇති බව සඳහන්.

එම ස්ථානයට පැමිණි නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් තමන්ට පහරදුන් බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙයි.

Related posts

පොලිස් අපරාධ කොට්ඨාසය දේශපාලනයට සම්බන්ධයි [VIDEO]

Mohamed Dilsad

2020 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද එයි

Mohamed Dilsad

පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා “ගජබාහු” නමින් අධිකාරියට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment