ප්‍රමුඛ පුවත 1

සී.වී. විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට

(UTV| කොළඹ) – උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඒ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුවයි.

උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය ජුනි මස 29 අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

නමුත් අධිකරණ තීන්දුව අනුව, ඔහුට යළි අමාත්‍ය ධුරය ලබා නොදීම හේතුවෙන් මෙලෙස අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට පසුගිය අගෝස්තු මස 08 වනදා දැනුම්දී තිබුණි.

Related posts

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

Mohamed Dilsad

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රීකුණාමලයේ දී

Mohamed Dilsad

වවුනියාවේ දැඩි සුළං හේතුවෙන් නිවාස 30 කට හානි

Mohamed Dilsad

Leave a Comment