ක්‍රීඩා

සුපිරි වේග පන්දු යවන්නාගේ සමු ගැනීම

(UTV|ඉන්දියාව)  – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ආර්.පී. සිං ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඒ බව ඔහු සිය පෞද්ගලික ට්ව්ටර් ගිණුම හරහා ඊයේ (04) ප්‍රකාශයට පත්කර තිබුණි.

ආර්.පී. සිං 2005 වසරේ සැප්තැම්බර් 04 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගනු ලැබීය.

වසර 13 ක් තුල ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 14 ක් එක්දින තරඟ 58 ක් සහ පන්දුවාර 20 තරඟ 10ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

නමුත් 2011 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ආර්.පී. සිංට ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමි වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරඟය අද

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද සිවු වෙනි දිනටත්

Mohamed Dilsad

SLC T-20 තරගාවලියේ පෙරමුණට ආ කොළඹ කණ්ඩායම

Mohamed Dilsad

Leave a Comment