ප්‍රමුඛ පුවත 1

සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳ බිය වෙන්න එපා – අපදා අංශ ඉල්ලයි

(UTV| කොළඹ) – අද(05) දින සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් දිස්ත‍්‍රික්ක තුනක් ඉලක්ක කරගනිමින් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ඉදිරියේදී සුනාමි ආපදාවක් ඇතිවුවහොත් සිදුවිය හැකි හානි අවම කිරීම මෙහි අරමුණයි.

සුනාමි ආපදා අවස්ථාවකට මුහුණදීම සඳහා කලාපීය රටවල් සූදානම් කරවීමේ අරමුණින් ලෝකයේ රටවල් 28ක පවත්වන සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ශ්‍රී ලංකාවේ ද දිස්ත‍්‍රික්ක තුනකට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 6 කදී අද පෙරවරු 8.30ට පමණ පැවැත්වීමට නියමිතය.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ හික්කඩුව, අම්පාර දිස්ත‍්‍රික්කයේ නින්තවූර් සහ මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ග‍්‍රාම නිලධාරී වසම් දෙක බැගින් තෝරාගෙන මෙම පෙරහුරුව පවත්වන බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

පෙරහුරුව පවත්වන්නේ මෙම දිස්ත‍්‍රික්කවල පමණක් වුව ද එය පැවැත්වෙන මොහොතේදී දිවයින පුරා ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77 ම ක‍්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස එම අමාත්‍යංශය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

ඉදිරි පැය 09 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්…

Mohamed Dilsad

Leave a Comment