ප්‍රමුඛ පුවත 1

”අනාගත විදුලිබල අර්බුදයට අප සූදානම් ද?” මහජන මන්ත්‍රණ සභාව අද

(UTV| කොළඹ) – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව , සිවිල් සමාජ සංවිධාන එකමුතුව හා එක්ව සංවිධානය කරනු ලබන ”මහජන මන්ත්‍රණ සභාව” සිව්වන දිගහැරුම අද(04) කොළඹ,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙවර සාකච්ඡාවට ගැනෙන මාතෘකාව වන්නේ ”අනාගත විදුලි බල අර්බුදයට අප සුදානම් ද?” යන්නයි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් .පී. පෙරේරා මහතා ප්‍රධාන දේශනය පවත්වන අතර සිවිල් සමාජ නියෝජිතයන් ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන හෝ අදහස් දැක්වීමට කැමති නම් වැඩිදුර තොරතුරු 077- 9109068 දුරකථන අංකය ඔස්සේ ලබා ගනත හැක.

මෙම වැඩසටහන අද(04) සවස 04.00ට , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී ආරම්භ වීමට නියමිත අතර සෑම මසකම පළමු සහ තුන්වන අඟහරුවාද දින මෙම මන්ත්‍රණ සභාව රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 30ක් වටිනා ගජමුතු 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු දියේ ගිලී මරුට

Mohamed Dilsad

සවසට ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment