ප්‍රමුඛ පුවත 1

ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම අද

(උදයම්,කොළඹ)  – ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) කිරීමට නියමිතය.

මහල් 10 කින් යුත් මෙම රෝහල වසරක කාලයක් තුල ඉදිකිරීමට අපේක්ෂිතය. තැලසීමියා රෝගී දරුවන්ගේ ආයු කාලය අවුරුදු 10-15 ත් වන අතර, සෑම මසකම සැළකිය යුතු ජිවිත සංඛ්‍යාවක් රටට අහිමි වෙි.

ඇටමිදුලු බද්ධ කිරීමෙි ශල්‍ය කර්ම වත්මන් රජය විසින් ආරම්භ කළ අතර, දැනට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සදහා ඇටමිදුලු බද්ධ කිරීමෙි ශල්‍ය කර්ම සිදු කරනු ලබයි. බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දී ද එම ශල්‍ය කර්ම සිදුකිරිම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම ශල්‍ය කර්මයක් විදේශීය රටක දී සිදු කිරීමෙි දී රුපියල් ලක්ෂ 60 ක මුදලක් වැයවන අතර, ශ්‍රී ලංකාවෙි පෞද්ගලික රෝහලක සිදු කිරීමේ දී වැය වන මුදල රුපියල් ලක්ෂ 45 කි. නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ තැලසීමියා රෝගීන්ට ඇටමිදුලු බද්ධ කිරීම ආරම්භ කිරීම රජය ලැබූ තවත් ජයග්‍රහණයක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

රාජිතව අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

රජයේ මුද්‍රණාලයට පොලිසියෙන් ආරක්‍ෂාව

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ නඩුවට අද දුන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment