ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය රජ වෙද්දී ශ්‍රී ලංකාව බිංදුවටම වැටෙයි

UTV | COLOMBO – 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ආධිපත්‍යය යළිත් වරක්‌ පැතිර වූ චීනය සමස්‌ත පදක්‌කම් සටහනේ මුල සිටම පෙරමුණ ගනිමින් සිය පදක්‌කම් එකතුව 289 දක්‌වා ඉහළ දමා ගැනීමට සමත් විය. අනුශූරතාව දිනා ගත් ජපානය මුළු පදක්‌කම් එකතුව 205 දක්‌වා ඉහළ දමා ගනිද්දී සමස්‌ත පදක්‌කම් සියය පන්නා ගිය අනික්‌ රාජ්‍ය බවට දකුණු කොරියාව (177) පත්විය.

චීනය රන් 132 ක්‌, රිදී 92 ක්‌ සහ ලෝඩ 65 ක්‌ වශයෙන් මුළු පදක්‌කම් එකතුව 289 දක්‌වා ඉහළ දමා ගනිද්දී දෙවැනි තැනට පත්වූ ජපානය රන් 75 ක්‌, රිදී 56 ක්‌ සහ ලෝඩ 74 ක්‌ දිනා ගැනීමට සමත් විය. තෙවැනි තැන දිනූ දකුණු කොරියා රන් 49 ක්‌, රිදී 58 ක්‌ සහ ලෝකඩ 70 ක්‌ සමග මුළු පදක්‌කම් සංඛ්‍යාව 177 දක්‌වා වර්ධනය කර ගැනීමට සමත් විය.

සත්කාරක ඉන්දුනීසියාව රන් 31 ක්‌, රිදී 24 ක්‌ සහ ලෝකඩ 43 ක්‌ සමග මුළු පදක්‌කම් 98 දිනා ගැනීමට සමත් විය. 1951 සිට ආසියානු කුසලාන නියෝජනය කරන ශ්‍රී ලංකාව මෙවර එකදු පදක්‌කමක්‌ හෝ දිනා ගැනීමට අපොහොසත් වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඉතිහාසයේදී සහභාගි වූ ආසියානු කුසලාන 15 කදී රන් 11 ක්‌, රිදී 10 ක්‌ සහ ලෝකඩ 20 ක්‌ දිනා ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා රග්බි පිලට සිව්වැනි තැන

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකාව සිව්වැනි තැනට පත්විය. අවසන් පූර්ව වටයේදී ජපානය හමුවේ ලකුණු 12-10 ක්‌ වශයෙන් කරට කරට තරගයකින් පසුව පරාජය වූ ශ්‍රී ලංකාව ලෝකඩ පදක්‌කම සඳහා වූ තරගයේදී කොරියාව හමුවේ ලකුණු 36-14 කින් පරාජය විය.

Related posts

ප්‍රංශ ටෙනිස් ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

Mohamed Dilsad

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

Mohamed Dilsad

ඉන්දීය කොදෙව්ව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment