ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය ඇමැති ඉන්දියාවට

(UTV| කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර කළාපීය සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (02) පිටත්ව වෙයි.

හෙට (03) සිට ලබන (07) දින දක්වා මෙම සමුළුව පැවැත්වෙයි. මෙවර සමුළුවේ සභාපතිධූරය බාරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර ඇත.

දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු සමුළුවට සහභාගි වෙති. මෙවර සමුළුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල කලාපීය අධ්‍යක්ෂ ධූරය සදහා සුදුස්සෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම ද පැවැත්වෙයි.

මේ වනවිට කළාපීය අධ්‍යක්ෂ ධූරය හොඹවනු ලබන්නේ වෛද්‍ය පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මියයි. මෙවර සමුළුවේ දී මැලේරියාව, ක්ෂය රෝගය තුරන් කිරිම සහ ඖෂධ භාවිතය පිළිබද කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ෆොනී’ සුළි කුණාටුව තවදුරටත් දරුණු වේ.

Mohamed Dilsad

සාක් – 2017 වෙළෙඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව සැප්තැම්බරයේදී

Mohamed Dilsad

කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment