ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මිලදී ගන්නා අර්තාපල් තොග මිල අඩු වුවහොත් සතොස මඟින් මිලදී ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – මේ වන විට දේශීය අර්තාපල් අස්වැන්න නෙලා ගන්නා අවස්ථාවයි. අස්වනු නෙලා ගැනීම ආරම්භ වූ අවස්ථාවේදී වගා කරුවන්ගෙන් මිලදී ගන්නා අර්තාපල් තොග මිල රු.150 – 160 ත් අතර මිලක පැවතිණි. නමුත් දිගින් දිගටම අස්වනු ලැබෙන බැවින් ඇතැම් කූට වෙළෙන්දෝ දේශීය අර්තාපල් අස්වැන්න අඩු මිලකට මිල දී ගැනීමට කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හා  කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සතොස ආයතනය සමඟ ඊයේ  (31) දින ආර්තාපල් මිල පිළිබඳව සාකච්ඡා කළේ ය.

ඒ අනුව අර්තාපල් අස්වැන්න ගොවීන්ට වාසිදායක අන්දමින් මිල දී ගැනීම සඳහා ගොවීන් සමඟ සාකච්ඡා කර මිල තීරණය කිරීමට කටයුතු කරන අතර, දේශීය අර්තාපල් ගොවීන්ගෙන් මිල දී ගන්නා තොග මිල පහළ ගියහොත්, සතොස මැදිහත් වී ගොවීන්ගේ අස්වනු මිල දී ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

ආනයනික අල කිලෝවක් රු.30 කට ආනයනය කරන අතර, ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා  රු.40ක  විශේෂ වෙළෙඳ භාණ්ඩ  බද්දක් රජය විසින් මීට මාස දෙකකට පෙර පනවනු ලැබී ය. එම නිසා අර්තාපල් ආනයනය කිරීම ඉතාමත් අකර්මන්‍යව තිබේ.

දේශීය අර්තාපල් තොග මිල ස්ථාවරව පවත්වා ගනිමින්, වගාකරුවන්ට ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහා සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර රජය විසින් ගන්නා බවත්, දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත් ඇමතිවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධාරියෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

දුම්රිය වර්ජනය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතුවලට දැඩි බාධා

Mohamed Dilsad

Leave a Comment